&

සත් සුමිතුරන් සහ මුතුමාලයේ අබිරහස

0 Ratings

ENID BLYTON ගේ THE SECRET SEVEN ADVENTURE කෘතියේ සිංහල පරිවර්තනය

Add to BookShelf

  • Genre:
  • Originally Published:
  • Hardcover:
  • Language:
    ,

Overview

සත් සුමිතුරන් සහ මුතුමාලයේ අබිරහස

පරිවර්තනය : සුදත් රොහාන්

කර්තෘ : එනිඩ් බ්ලයිට්න්

ප්‍රකාශක : තරංග ප්‍රකාශකයෝ

ISBN : 978-955-657-305-3

පීටර්ට බය වූ මිනිසා පඳුරු අතරින් දුවගෙන යන ආකාරයත්, එසේ දුව යන මිනිසා තමා සැඟ ව සිටි ගස මුලට පැමිණෙන ආකාරයත් ‌කොලින් බලා සිටියේ පුදුමයෙනි.

තවත් ටික වෙලාවකින් කිසිවෙකු ගසට නගින හඬ කොලින්ට ඇසිණි. බිම බැලූ ඔහුගේ සියොළඟ ම භීතියෙන් වෙවුළා ගියේ ආගන්තුක මිනිසා ඔහු සිටින ගසට නගිමින් සිටියි. ඔහු ද සැඟවෙන්නට අපූරු තැනක් හොයාගෙන ඇති සෙයකි.

කොලින්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේ ය. දැන් සිදුවන්නේ ඔහු හීනෙකින්වත් නොසිතූ දෙයකි. ගසට නගින මිනිසා තමා දුටුවහොත් කුමක් සිදුවෙයි ද? කොලින්ගේ සිතේ ඇත්තේ බිය මුසු දෙගිඩියාවකි. මොන තත්ත්වයක් යටතේ වුව ද ආගන්තුක මිනිසා ඒ අදිසි සිදුවීමෙන් බියටත්, කෝපයටත් පත්වෙන බව නම් නිසැක ය.

දැන් ආගන්තුක මිනිසා ටිකෙන් ටික ගසට නගියි. කොලින් වාඩි වී සිටින අත්ත අසලට ම ගොඩ වූ මිනිසා මදක් නතර වී ගිමන් හැරියේ ය. ඔහු තවත් ටිකක් උඩට ගොඩ වුවහොත් කොලින් අසුවෙනවා සිකුරු ය.

BOOK DETAILS
  • Hardcover:
  • Publisher:
  • Language: ,
  • ISBN-10:
  • Dimensions:
Customer Reviews

BOOKS BY &

SHARE THIS BOOK

Registration

Forgotten Password?