Overview
3, 4, 5 ගණිතය දැනුම් මිහිර ශිෂ්‍යත්ව තක්සලාව
Author : සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත
Publisher : ඇම්.ඩී.ගුණසේන ප්‍රකාශන
ISBN : 978-955-21-2985-8
ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් ඇම්.ඩී. ගුණසේන සහ සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව වැඩ සටහනෙහි කර්තෘන් වන. සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ගුරු දෙපළ මෙම පොතෙහි කතෲවරුන් වේ. මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව ලබා ඇති මෙම ගුරුවරුන් දෙපළ ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් දැනටමත් පොත්පත් රාශියක් සම්පාදනය කළ කතුවරුන් වේ.
3.4.5 ගණිතය විෂයට අදාළ නිපුණතා සියල්ලම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රය තුළින් ඉදිරිපත් කෙරෙන සියලු ම ගණිත ගැටලු වලට ඉතා පහසුවෙන් පිළිතුරු සැපයිය හැකිය. සියලුම පාඩම්වලට අදාළ න්‍යායාත්මක කරුණු, ආදර්ශ ගැටලු සහ පසුගිය විභාග ගැටලු ද ඇතුළත් ව මෙතෙක් පහළ වී ඇති අංග සම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකිය.
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් ඉලක්ක කොට සම්පාදනය කර ඇති ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ගණිතය දැනුම් මිහිර පොත දරුවන්ගේ දැනුම හා කුසලතා වර්ධනයට මනා පිටිවහලක් වන බව අවධාරණයෙන් සඳහන් කරමි.