Overview
05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභව්‍යතාමාන
Author : ප්‍රේම් දිසානායක
Publisher : සී.ආර්.පොත් ප්‍රකාශකයෝ
ISBN : 978-955-3685-24-7
ශිෂ්‍යත්ව විභාගයේ I පත්‍රය සඳහා විශේෂිත වූ ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන වලට අදාළව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මෙම පොත සම්පාදනය කර ඇත. මෙම පොත සම්පාදනය කිරීමේදී විභව්‍යතාමාන තේමාවන් යටතටම ඉගෙනුම් හැකියා ඇතුළත් කිරීමට උත්සාහ කර ඇත.
ශිෂ්‍යත්ව විභාගයේ I පත්‍රය සඳහා වෙන්කර ඇති කාලය මිනිත්තු 45 කි. එක් ප්‍රශ්නයකට ලකුණු 2 1/2 බැගින් ලැබෙන ප්‍රශ්න 40 කි. එක් ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමට වෙන්කර ගත හැකි කාලය මිනිත්තු එකකට සීමා වෙයි. එනිසා පිළිතුරු සැපයීමේ වේගය වැදගත් වෙයි. වේගවත්ව හා නිවැරදිව පිළිතුරු සැපයීමට ඉගෙනුම් හැකියා සහ විභ්‍යවතාමාන පිළිබඳව මනා අවබෝධයක් අවශ්‍යය. එමෙන්ම ප්‍රශ්න රටාවන් පිළිබඳවද මනා වැටහීමක් තිබිය යුතුය.
මෙම පොත ශිෂ්‍යත්වය I පත්‍රයේ ප්‍රශ්න රටාවන් පිළිබඳව මනා වැටහීමක් ලබා ගැනීමටත් ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීමටත් ඔබට උපකාරී වනු ඇත.