&

නැන්සි ඩ්‍රෝ රන් නිධානයේ අබිරයස

0 Ratings

CAROLYNE KEEN'S NANCY DREW The Legend of the Lost Gold

Add to BookShelf

  • Genre:
  • Originally Published:
  • Hardcover:
  • Language:
    ,

Overview

නැන්සි ඩ්‍රෝ රන් නිධානයේ අබිරයස

පරිවර්තනය : සුදත් රොහාන්

කර්තෘ : කැරොලීන් කීන්

ප්‍රකාශක : තරංග ප්‍රකාශකයෝ

ISBN : 978-955-657-087-8

‛සමහරවිට පීනන්න බැරි තරම් වතුර සීතල ඇති’ බෙස් එසේ කිව්වේ සීතලෙන් උරහිස් හකුළුවා ගනිමිනි. ඇය අසලම සිටි ජෝර්ජ් ට නම් සීතල ගැන ගානක්වත් නෑ වගෙයි. ‘අපෝ මට නම් ටිකක්වත් සීතල නෑ. අද තමයි පීනන්න හොඳම දවස’ එහෙම කියාගෙනම ජෝර්ජ් පිහිණුම් තටාකයේ පනින ලෑල්ල මතට ගියා.

දැන් ජෝර්ජ් පිහිණුම් තටාකයට පනින්නයි සුදානම් වෙන්නේ. එයා අත් දෙක හිසට උඩින් ඔසවාගෙන වතුරට පනින්න සූදානම් වෙනවාත් සමඟම අමුතු හඬක් අසල සිටි නැන්සි ට ඇසුනා. ඇය ඉක්මනින් ම අහස දිහා බැලුවේ ඒ හඬ කුමක් දැයි විපරම් කරන්නටයි. මුලින්ම නැන්සි ට කිසිම දෙයක් පෙනුනේ නෑ. හැබැයි ඊළඟට එයා දැක්කේ අහසේ සිට පොළව කරා වේගයෙන් වැටෙමින් තිබෙන කළු පැහැති දිගු රැහැණකි. එය අසල තිබූ සැටලයිට් රූපවාහිනි කුළුණෙන් ගැලවී වැටෙන විදුලි රැහැණක් බව හඳුනා ගන්නට නැන්සි ට අපහසු වුනේ නෑ. ඇගේ ගත බියෙන් හිරි වැටෙද්දී විදුලි රැහැණ පිහිණුම් තටාකයේ ජලය මතට වැටුනා. ඊළඟ නිමේශයේදී පිහිණුම් තටාකයේ ජලය දීප්තිමත් නිල් පැහැයකින් ආලෝක වෙන බවයි නැන්සි දැක්කේ. ඇය පිහිණුම් තටාකයට පනින්න සුදා නම් වෙන ජෝර්ජ් අසලට දුවගෙන ගියේ මෙසේ බෙරිහන්

‘දෙයියනේ ජෝර්ජ්….. වතුරට පනින්න එපා… ඔයාට කරන්ට් වදියි.’

BOOK DETAILS
  • Hardcover:
  • Publisher:
  • Language: ,
  • ISBN-10:
  • Dimensions:
Customer Reviews

BOOKS BY &

SHARE THIS BOOK

Registration

Forgotten Password?