&

අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක්

0 Ratings

Enid Blyton ගේ St.Clare's කතා මාලාවේ සයවැන්න 

Add to BookShelf

  • Genre:
  • Originally Published:
  • Hardcover:
  • Language:
    ,

Overview

අපූරු ඉස්කෝලේ බිහිසුණු රැයක්

පරිවර්තනය : සුදත් රොහාන්

ප්‍රකාශක : තරංග ප්‍රකාශකයෝ

ISBN : 978-955-657-288-9

එදින රාත්‍රියේ දී සාදිට නින්ද ගියේ නැත. ඔර්ලෝසුවේ රාත්‍රී දහයයි හතලිස් පහ වදින තෙක් බලා සිටි ඈ සෙමෙන් සෙමෙන් අඳෙන් නැගිට්ටා ය. වටපිටාවේ තිබෙන්නේ මඳ අඳුරකි. නිදන ශාලාවේ සිටින සියල්ලන් ම තද නින්දේ ය. ඉක්මන් කොට ගවුමක් හැඳගත් සාදි හෙමින් හෙමින් පඩිපෙළ බැස්සා ය. තවත් විනාඩි කිහිපයකින් පසුපස දොර හැරගෙන පාසලේ ගෙවත්තට පිවිසෙන්නට සාදිට හැකි විය. තමාට පිටුපසින් අඳුරු ඡායාවක් ද පැමිණෙන බව සොදි දුටුවේ නැත. ඒ පෲවන්ස් ය. පෲවන්ස් සිතාගෙන සිටියේ තමා ලුහුබඳින්නේ කාලෝටා පසුපස බවයි. ඒ ඇවිද යන්නේ සාදි බව ඈ නිකමටවත් සිතුවේ නැත.

රාත්‍රී දහයයි කාල වන විට පෲවන්ස් නින්දෙන් පිබිදුණා ය. කාටත් හොරා නිදන ශාලාවෙන් පිට වූ ඈ සාදි පැමිණෙන තෙක් නොඉවසිලිමත් ව බලා සිටියා ය. දැන් වේලාව රාත්‍රී එකොළහයි කාලට පමණ ඇත. උගුරේ කිසියම් වේදනාවක් නිසා ඇලිසන් එක්වර ම නින්දෙන් පිබිදුණා ය. හයියෙන් කහින්නට අවශ්‍ය වුව ද එය නොකළ යුත්තකි. එමෙන් ම කැස්සට ගන්නා ලොසින්ජර සාදි ළඟ තිබේ. ඇලිසන්, සාදිගේ ඇඳ අසලට ගියේ ඒ ලොසින්ජරයක් ඉල්ලා ගැනීම සඳහා ය. කළුවරේ ම ඇඳට අත පෙවූ ඇලිසන් සාදි සොයන්නට උත්සාහ කළා ය. පුදුමයකි! සාදි නැත. ඇඳ හිස්ය. ඇඳුම් හැඳගෙන ඈ පිට ව ගොසිනි. ඇලිසන් දරාගත නොහැකි පුදුමයෙන් ඇඳ මත වාඩි වූවා ය

BOOK DETAILS
  • Hardcover:
  • Publisher:
  • Language: ,
  • ISBN-10:
  • Dimensions:
Customer Reviews

BOOKS BY &

SHARE THIS BOOK

Registration

Forgotten Password?